ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 වැනි සංවත්සරය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 වැනි සංවත්සර උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (02) සැමරේ.
එස්. ඩබ්ලිව් ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් 1951 වසරේ සැප්තැම්බර් මස 2 වැනි දින ඇරැඹි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජනතාවගේ පක්ෂය ලෙස පංච මහා බලවේග පෙරටු කොට ගනිමින් 1956 වසරේ ප්‍රථම වරට බලයට පත් විය. ඉන් අනතුරුව ලොව ප‍්‍රථම අගමැතිනිය බිහිකරනු ලැබුවේද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙනි.
අගමැති දි. මු ජයරත්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහත්වරු ප්‍රමුඛ පක්ෂයේ උප සභාපතිවරු,උප ලේකම්වරු, නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයෝ ඇතුළු පිරිසක් අද පැවැත්වෙන උත්සවයට එක් වීමට නියමිතය.
මේ අතර හැටවැනි සංවත්සරය වෙනුවෙන් නිදහස් සංස්කෘතික සංවිධානය මෙහෙයවන ‘නිල් පිල බැබළවූ අපේ කලාකරුවෝ අගයමු සමරමු’ උළෙල හතරවැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උළෙලේදී නිල්පිල බැබළ වූ කලාකරුවන්ගේ ඡායාරූප හා විස්තර ඇතුළත් ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට නියමිතය.
වසර විසි පහකට අධික කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සේවය කළ කලාකරුවන් දසදෙනකුට විශේෂ උපහාර පිදීම හා වර්තමාන කලාකරුවන් පනස්දෙනකුට උපහාර දැක්වීමද මේ උළෙලේදී සිදුකෙරේ. මේ අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.
wkqrdOmqr Èia;%slalfha ;¾ð;j mej;s ish¨ .ïudkj, ksjdi
fkdue;s mjq,a j,g ksjdi ,nd§ug mshjr .kakd nj úu,a
ùrjxY wud;Hjrhd lshhs'
wkqrdOmqr Èia;%slalfha ;%ia;jd§ ;¾ckj,g ,laj mej;s .ïudkj, ;djld,sl
iy wvq myiqlï ksjdij, Ôj;ajQ ish¨ mjq,a fjkqfjka kj ksjdi ,nd§fï
jevigykla ckfijK ksjdi oi ,laIfha jevigyk hgf;a l%shd;aul lrknj bÈlsÍï" bxðfkare fiajd" ksjdi yd fmdÿ myiqlï wud;H úu,a ùrjxY
uy;d mjihs' 2012 jif¾ ±hg lsre< cd;sl ixj¾Ok jevigyk hgf;a ksjdi
ixj¾Ok jevms<sfj,g iu`.dój fuh l%shd;aul lrk nj;a fï i`oyd ±kgu;a
remsh,a ,laI 250 la fjka lsÍug ;SrKh lr ;sfnk nj;a wud;Hjrhd fmkajd
ÿkafkah'óg wu;rj ±hg lsre< ixj¾Ok jevigykg iu.dój wkqrdOmqr
Èia;%slalfha ish¨u fmd,aw;= fiú,s l< ksjdi j,g iaÒr jy,la iE§u i`oyd
wjYH uqo,a ,nd§ug uy NdKavd.drh tl`.ù we;s njo wud;Hjrhd m%ldY
lf<ah' úu,a ùrjxY wud;Hjrhd fï nj m%ldY lf<a ±hg lsre< 2012 ksjdi
ixj¾Ok jevigyk ms<sn`oj oekqj;alsÍu fjkqfjka wo Èk ^30& wkqrdOmqrfha§ mej;s idlÉPdjlg iyNd.S fjñks'jeä úia;r''''
පරමාණුක ශක්ති අධිකාරියෙන් X කිරණ යන්ත්‍ර වලට බලපත්‍ර.
බලපත්‍ර රහිත X කිරණ යන්ත්‍ර භාවිතයට දැඩි දඩුවම්. යන්ත්‍රසූත්‍ර රාජසන්තකයි.
පරමාණුක ශක්ති අධිකාරියේ අධීක්ෂණයට ලක් කර, එම අධිකාරිය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් නොමැති X කිරණ යන්ත්‍ර භාවිතය අනතුරුදායක වියහැකි බැවින් එවැනි යන්ත්‍ර භාවිතා කිරීම නීතිවිරෝධි බව පවසන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, එසේ බලපත්‍ර රහිත X කිරණ යන්ත්‍ර පාවිච්චි කරන්නන්ට විරුද්ධව දැඩි නීතිමය පියවර ගන්නා බව අවධාරණය කරයි.
පරමාණුක ශක්ති අධිකාරිය මගින් බලපත්‍ර නිකුත් කිරීමේදී X කිරණ යන්ත්‍රයන්ගේ තාක්ෂණික තත්ත්වයන් පිළිබඳව මෙන්ම ඉන් රෝගියාට සිදුවන්නාවූ විකිරණ බලපෑමේ ස්වභාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරනු ලබයි. එම අධීක්ෂණයට ලක්නොවූ X කිරණ යන්ත්‍ර භාවිතයේදී යම්හෙයකින් විකිරණ කාන්දුවීමක් සිදුවුවහොත් එය රෝගියාට සහ අවට සිටින්නන්ටද අහිතකර වන අතර භයානක රෝගයන්ට ගොදුරුවීමේ ප්‍රවණතාවයද වැඩිවේ. එමෙන්ම X කිරණ ලබාගන්නට පැමිණෙන්නන්ට නිවැරදි X ඡායාරූපයක් නොලැබීයාමටද ඉඩ ඇත. එවැනි අවස්ථාවල නැවත නැවත X කිරණ ඡායාරුප ලබාගැනීමට යාම තුළින් ශරීරයට අනවශ්‍ය ලෙස විකිරණ ඇතුල්වීමක්ද සිදුවේ. මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ජනතාවට දැනුම්දෙන විදුලිබල අමාත්‍යාංශය, පරමාණුක ශක්ති අධිකාරී අනුමැතිය සහිත නිසි ප්‍රමිතියෙන් යුක්ත X කිරණ යන්ත්‍ර පවතින ස්ථාන වලින් තම අවශ්‍යතා ඉටුකර ගැනීමට යොමුවන ලෙස ජනතාවට දැනුම් දෙයි. More..
රට වෙනුවෙන් රන් පදක්කම දිනූ ක්‍රීඩිකාව පිළිගැනීමටවත් කෙනෙක් නැතිලු
පසුගියදා අවසන්වූ සිංගප්පුරු විවෘත මළල ක්‍රීඩා ශූරතා තරඟාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හිමිකරගත් ඊ. ඩබ්ලිව්. උපමාලි රත්නකුමාරි ක්‍රීඩිකාව මෙරටට පැමිණෙනවිට පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය නිලධාරියෙකු ගුවන්තොටුපලට යැවීමට තරම්වත් උනන්දුවක් දක්වා නැතැයි වාර්තා වේ.මවුබිම වෙනුවෙන් රන් පදක්කමක් දිනා දුන් මේ ක්‍රීඩිකාවට කටුනායක ගුවන් තොටුපලේ සිට පිටකොටුව බස් නැවතුම්පොලට පැමිණීමට සිදුව තිබුණේ ද එතැන් සිට ඇයගේ ගම් ප්‍රදේශය වූ දඹුල්ල දක්වා පැමිණීමට සිදුවූයේද සාමාන්‍ය මගී ප්‍රවාහන බස් රථවල තෙරපීගෙනය.
ඇය මීටර් 400 කාන්තා ධාවන තරඟ ඉසව්වෙන් මෙම රන්පදක්කම හිමිකරගෙන තිබිණි.
තම දියණියන් කෙළෙසන්න හැදූ පියා සොයයි

සැකකරු මේ වන විට පැනගොස් ඇතැයි ද පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
වරකාපොල ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකු වන තිස්පත් හැවිරිදි සැකකරු දැඩි ලෙස මත්ද‍්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බව ද පැවසේ.
සැකකරුගේ බිරිය විදෙස්ගතව ඇතැයි ද වාර්තා වේ. පසුගිය දිනෙක දැඩිලෙස මත්ද‍්‍රව්‍ය පානය කර නිවසට පැමිණි සැකකරු අසභ්‍ය වීඩියෝවක් බලහත්කාරයෙන් සිය අට හැවිරිදි හා දහතුන් හැවිරිදි දියණියන්ට පෙන්වා ඇත.
පසුව රාතී‍්‍රයේදී 13 හැවිරිදි දැරිය කෙළෙසීමට උත්සාහකර ඇති අතර එහිදී දැරිය විසින් සැකකරුට පා පහරක් දී අඩ පන කර අසල්වැසි නිවසකට පැනගොස් තිබේ.
අසල්වැසියන් විසින් පොලිසියට කරන ලද දැනුම්දීමකට අනුව මෙම දැරියන් දෙදෙනා වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඥාතීන්ට භාරදී ඇත.Sri Lanka Mirror
මැන්දිස් රෝහණදීර මහතා අභාවප‍්‍රාප්ත වේ
කොළඹ ජයරත්න මල් ශාලාවේ දේහය මේ වනවිට තැන්පත් කර ඇති අතර අද පස්වරුවේ බත්තරමුල්ලේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යාමට නියමිත බව පවුලේ ඥාතීන් පවසයි.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා සිදුකිරීමට නියමිතය.
ඒ මහතා මෙරට ප‍්‍රවීන ගත් කතුවරයෙකුද විය.Sri Lanka Mirror
නැගෙනහිර හා වයඹ හොර ගුවන්විදුලි සේවා 8ක්

මේ ගුවන්විදුලි මධ්‍යස්‌ථාන "නිව් මුන් "එෆ්. එම්. කල්මුනෙයි එෆ්. එම්., කාතන්කුඩි එෆ්. එම්. නිව් රයිස් එෆ්. එම්., පුත්තලම් එෆ්. එම්. කල්පිටිය එෆ්. එම්., කල්කුඩා එෆ්. එම්., බේරුවල එෆ්. එම්. නමින් හඳුන්වා තිබිණි.
මින් එක් ගුවන්විදුලි මධ්‍යස්‌ථානයකට අදාළ ට්‍රාන්ස් මීටරය රජයේ ගුවන්විදුලි සේවාවකින් වසර කීපයකට පෙර අතුරුදන් වූවක් යෑයි පොලිස් පරීක්ෂණවලදී හෙළිදරවු වී ඇත.Sri Lanka Mirror
සුලිපුරම්හි දැරිය කෙළෙසා මැරවේදැයි සැකයක්

දැරිය කෙළෙසා මරා දමා ඇතැයි පොලිසිය සැක කෙරේ.
දැරියගේ මළ සිරුරේ යට ඇදුම් කිසිවක්ද නොවූ බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වට්ටුකෝට්ටයි පොලීසිය විසින් සැකකරුවකු ද අත්තඩංගුවට ගෙන තිබේ.
මෙම දැරිය අතුරුදහන්ව ඇති බවට වාර්තා වූයේ පසුගිය 17 වැනිදා වන අතර ඒ සම්බන්ධයෙන් වව්ටුකෝට්ටයි පොලීසියේ පැමිණිල්ලක් ද කර තිබිණි. මෙසේ මියගොස් ඇත්තේ සුලිපුරම් පන්ඩාවේට්ටයි කාට්ටුපුලම් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ක‍්‍රිෂ්ණමූර්ති ශාලිනි නැමැති දැරියකි.
දැරියගේ මළ සිරුර හමුවී ඇත්තේ ඇගේ නිවසේ සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරින් තිබූ පාලූ නිවසක ගෙවත්තේ තිබූ ළිඳකිනි.
ගවයන් දක්වමින් සිටි පිරිසක් දැරියගේ මළ සිරුර දැක පොලිසියට කරන ලද දැනුම්දීමකින් පසුව මෙම මළ සිරුර සොයාගෙන ඇත.
මල්ලාගම් මහේස්ත‍්‍රාත් එස්. ගජනිදිපාලන් මහතා විසින් කරන ලද පරීක්‍ෂණවලින් පසුව මෙම මළ සිරුර අතුරුදහන්ව සිටි 8 හැවිරිදි දැරියගේ බව තහවුරුවී තිබේ. Sri Lanka Mirror
නවන්තුරෙයි ප‍්‍රහාරයට සම්බන්ධවූවන් ත‍්‍රස්තවාදීන් - යාපනය ආඥාපති
නවන්තුරෛයි ප‍්‍රහාරයට සම්බන්ධවූවන් ත‍්‍රස්තවාදීන් බව තමා තරයේ කියාසිටින බව යාපනය දිස්ත‍්‍රික් භාර හමුදා ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා කියයි.හතුරුසිංහ මහතා මේ බව පැවසුවේ, නාවාන්තුරයි හි ඇතිවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට පෙරේදා (23) යාපනය සිවිල් පරිපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
නිකරුනේ හමුදාව පහරකෑමට ලක්වීම බලාසිටිය නොහැකි බවත්, ජනතාව නීතිය තම අතට ගැනීම අනුමත කළ නොහැකි බවත්, නීතිය කි‍්‍රයාත්මක කිරීමට පොලිසිය සිටින බවත්, හෙතෙම කියා සිටියේය.
උද්ඝෝෂණවලින් හෝ පහරදීම් සිදු කර හමුදාව එළවාදැමිය නොහැකි බවත්, හමුදාව ඉවත් කිරීම ජනතාවට තීරණය කළ නොහැකි බවත්, හතුරුසිංහ මහතා අවධාරණය කළේය. හමුදාව ඉවත් කිරීම තීරණය කළ යුතුවන්නේ ජාතික ආරක්‍ෂක සභාව විසින් බව ද ඔහු පැවසීය.
යුද්ධය අවසන්වී වසර දෙකක කාලයක් තිස්සේ යාපනයේ සාමය රජ කළ බවත්, ජනතාව හා හමුදාව අතරවූ සම්බන්ධකම් ශක්තිමත්වූ බවත්, මේ තත්ත්වය ඉවසාගත නොහැකි ඇතැම් දේශපාලනික බලවේග මෙම සිද්ධිය පිටුපස සිටින බවට ද ඔහු චෝදනා කළේය.
හමුදාව වරදක් කර ඇත්නම් එයට දඩුවම් කිරීමට තමා කිසිවිටක පසුබට නොවන බවත්, මාධ්‍යට එය පෙන්වාදිය හැකි අතරම, ඔවුන්ට ඒ සඳහා අයිතියක් ඇති බව ද ඒ මහතා පෙන්වාදුන්නේය.
මෙම සිද්ධිය ඉතා සැලසුම් සහගතව දියත් කළ දේශපාලනික සැලසුමක් බවත්, ජනතාව මෙයට අසුනොවිය යුතුයැයි ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
මෙම මාධ්‍ය හමුව සඳහා මේජර් ජනරාල් වල්ගම, උතුරු පළාත් නියෝජ්‍ය පොලිස්පති නීල් දලූවත්ත, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙවිල් පත්මදේවා හා යාපනය දිස්ත‍්‍රක්ක පොලිස් පරික්‍ෂක සමන් සිගේරා යන මහත්වරු ද සහභාගි වූහ.
මූලාශ‍්‍රය - උදයන් පුවත්පත


